AFC Banner
Empty Ad
Empty Ad

දැදුරු ඔය ඇරේ – අද හවසත් තද වැසි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ජලාශයේ වාන් දොරටු 06ක් මෙලෙස විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

දැදුරු ඔය ජලාශයේ අධි පීඩනාත්මක ජල කඳ බැස යාම සඳහා වාන් දොරටුවක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.

මෙලෙස විවෘත කර ඇති වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය අඩි 14,000ක් දැදුරු ඔයට මුදාහැරෙනු ඇති.

මේ අතර අද පස්වරු 02න් පසුව බොහෝ පළාත්වලට තද වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ද මිලිමීටර් 75ට වැඩි වැසි ලැබීමේ හැකියාවක් ඇති බවයි.

මීට අමතර ව සබරගමුව, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට උදෑසන කාලයේ දී මීදුම් සහිත කාලගුණයක් පැවතීමට ද ඉඩකඩ ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?