දැදුරු ඔය ඇරේ – අද හවසත් තද වැසි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ජලාශයේ වාන් දොරටු 06ක් මෙලෙස විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

දැදුරු ඔය ජලාශයේ අධි පීඩනාත්මක ජල කඳ බැස යාම සඳහා වාන් දොරටුවක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.

මෙලෙස විවෘත කර ඇති වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය අඩි 14,000ක් දැදුරු ඔයට මුදාහැරෙනු ඇති.

මේ අතර අද පස්වරු 02න් පසුව බොහෝ පළාත්වලට තද වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ද මිලිමීටර් 75ට වැඩි වැසි ලැබීමේ හැකියාවක් ඇති බවයි.

මීට අමතර ව සබරගමුව, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට උදෑසන කාලයේ දී මීදුම් සහිත කාලගුණයක් පැවතීමට ද ඉඩකඩ ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21