ඇහැළියගොඩ OIC වෙඩි වැදී මියගොස් සිටිය දී සොයාගෙන

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් සිටිය දී අද (21) අලුයම සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වෙඩි වැදී මියගොස් සිටි ස්ථානාධිපතිවරයාගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයාගත් බවයි.

මෙය වෙඩි තබාගැනීමක් ද නැතහොත් කිසියම් අයෙකු විසින් කළ වෙඩි තැබීමක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.