ගොවියන්ට සෞඛ්‍ය අංශ වෙතින් රතු එළියක්

මෙරට සෞඛ්‍ය අංශ වෙතින් ගොවි ජනතාවට රතු එළියක් නිකුත් කර තිබෙනවා.

ඒ මේ දිනවල වර්ෂාපතනය සමග ඉදිරියේ දී ආරම්භ වන මහ කන්නයේ වගා කටයුතුවල දී සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ; කුඹුරු සහ වගා කටයුතුවල යෙදෙන සියලුම ගොවි ප්‍රජාව මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසියාස් රෝගයට ගොදුරු විය හැකි බවයි.

මී උණ පුද්ගලයෙකුට ආසාදනය වන්නේ ජල මාර්ගයේ මීයන්ගේ මළමුත්‍ර එක්වී පැමිණෙන ජලය ඕනෑම පුද්ගලයෙකුගේ පාදවල හෝ දෑත්වල ඇති කුඩා බිබිලි මගින් හෝ ශරීරගත වීමේ ඉඩකඩක් පවතින බවයි.

එබැවින් මී උණ ආසාදිත රෝගීන් සෑම වසරක ම 7000ක් පමණ වාර්තා වන බවත් ඉන් රෝගීන් 125ක් පමණ මරණයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් බොහෝ විට මරණයට ගොදුරු වන්නේ වයස අවුරුදු 20-60ත් අතර වයසේ පසුවන්නන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එබැවින් තමන්ගේ ශරීරයෙහි කිසියම් තුවාලයක් පවති නම්; කුඹුරු වැඩවල නිරත නොවන ලෙසටත් සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා.

තමන්ට මී උණ රෝගී ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56