සිර මැදිරියෙන් පැන්න සැකකරුගෙන් නීතිඥවරියට අතවර

අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ සිරකරුවන් රඳවා සිටින මැදිරියකින් එළියට පැමිණ තරුණ නීතිඥවරියකට අතවර කළ සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ මෙම සිදුවීම වාර්තා වූ බවයි.

ගලගෙදර මහේස්ත්‍රාත් දර්ශන රත්නායක මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේදී මෙම අතවර කිරීම සිදුවී තිබෙනවා.

සැකකරු ගලගෙදර කලුවාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගලගෙදර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු බව ද සඳහන්. මත්ද්‍රව්‍ය චෝදනාවක් ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරුට එරෙහිව විභාග වෙමින් තිබූ නඩු කීපයකට ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි සිර මැදිරියේ රඳවා තිබී ඇත්තේ.

විභාගයට ගැනීමට තිබූ වෙනත් නඩුවක සැකකරුවෙකු සිර මැදිරයෙන් එළියට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී සැකකරු ඉන් එළියට පැන තරුණ නීතීඥවරියට අතවර කර තිබෙනවා.

වහා ක්‍රියාත්මකවූ අධිකරණයේ පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය නවතා අසුනෙන් බැසගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු විසින් කරන ලද බලහත්කාරකම් හේතුවෙන් සුළු තුවාල ලැබූ නීතීඥවරිය ප්‍රතිකාර සඳහා ගලගෙදර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර අද ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගලගෙදර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08