සිර මැදිරියෙන් පැන්න සැකකරුගෙන් නීතිඥවරියට අතවර

අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ සිරකරුවන් රඳවා සිටින මැදිරියකින් එළියට පැමිණ තරුණ නීතිඥවරියකට අතවර කළ සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ මෙම සිදුවීම වාර්තා වූ බවයි.

ගලගෙදර මහේස්ත්‍රාත් දර්ශන රත්නායක මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේදී මෙම අතවර කිරීම සිදුවී තිබෙනවා.

සැකකරු ගලගෙදර කලුවාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගලගෙදර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු බව ද සඳහන්. මත්ද්‍රව්‍ය චෝදනාවක් ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරුට එරෙහිව විභාග වෙමින් තිබූ නඩු කීපයකට ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි සිර මැදිරියේ රඳවා තිබී ඇත්තේ.

විභාගයට ගැනීමට තිබූ වෙනත් නඩුවක සැකකරුවෙකු සිර මැදිරයෙන් එළියට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී සැකකරු ඉන් එළියට පැන තරුණ නීතීඥවරියට අතවර කර තිබෙනවා.

වහා ක්‍රියාත්මකවූ අධිකරණයේ පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය නවතා අසුනෙන් බැසගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු විසින් කරන ලද බලහත්කාරකම් හේතුවෙන් සුළු තුවාල ලැබූ නීතීඥවරිය ප්‍රතිකාර සඳහා ගලගෙදර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර අද ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගලගෙදර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12