පාසල් ළමුන් ඉලක්ක කර රුපියල් 150ට මත්පෙති විකුණූ වෙළෙන්දාට මාංචු

කළුතර ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර – පලාතොට ප්‍රදේශයේ දී යි.

සැකකරු සන්තකයේ තිබී මත් කරල් 1000ක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු කළුතර – පන්විල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

මෙම ජාවාරමට සැකකරු විසින් භාවිතා කරන ලද දූරකථනයක් ද සොයා ගැනුණා.

ප්‍රදේශයේ පාසල්වලින් සහ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙනයි පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එක මත් කරලක් රුපියල් 150කට සැකකරු අලෙවි කර ඇති බවටත් හෙළි ව තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46