පාසල් ළමුන් ඉලක්ක කර රුපියල් 150ට මත්පෙති විකුණූ වෙළෙන්දාට මාංචු

කළුතර ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර – පලාතොට ප්‍රදේශයේ දී යි.

සැකකරු සන්තකයේ තිබී මත් කරල් 1000ක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු කළුතර – පන්විල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

මෙම ජාවාරමට සැකකරු විසින් භාවිතා කරන ලද දූරකථනයක් ද සොයා ගැනුණා.

ප්‍රදේශයේ පාසල්වලින් සහ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙනයි පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එක මත් කරලක් රුපියල් 150කට සැකකරු අලෙවි කර ඇති බවටත් හෙළි ව තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.