තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක්

මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වන තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බව පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු පවසනවා.

බී.බී.සි. සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී තරුෂි ඇමරිකාව බලා යනු ඇති බවයි.

“තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට. මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. “මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.”

යනුවෙන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.

“මේ වෙනකොටත් තරුෂිගේ ක්‍රීඩා කටයුතුවලට යම් අනුග්‍රහයක් ලැබෙනවා පෞද්ගලික අංශයෙන්. නමුත් ඇයට ඉදිරියට යන්න ආර්ථික වශයෙන් ශක්තියක් ලැබෙන්න ඕන. ලොකු වියදමක් යනවා. දුවන්න අවශ්‍ය කරන සපත්තු කුට්ටමක් දැන් රුපියල් අනු දහසෙන් ඉහළට තමයි තියන්නේ. ඒ ශක්තිය අපිට ලබා දුන්නොත් ඒ ගමන අපිට යන්න පුලුවන් වෙයි කියලා හිතනවා. මේක අපි සතුටු වෙනවා වගේම ලෝකය දින්නා කියලා හිතන්නේ නැහැ. තරුෂි වුනත් එහෙම හිතන්නේ නැහැ. ඒ මනස හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. ඒ නිසා අපි බොහොම පරිස්සමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”

ඉදිරියේදී ඇති ධාවන තරග ඉසව් සඳහා තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව පියවරෙන් පියවර ගෙන යාමට තමන් පුහුණුකරු ලෙස බලාපොරොත්තුවන බවයි සුසන්ත ප්‍රනාන්දු කියාසිටියේ.

“අපේ ඉලක්කයේ මැද හරියකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉදිරියේදී පොදුරාජ්‍ය මණ්ඩලීය, ලෝක සහ ඔලිම්පික් කියන අදියර තුන තමයි තියෙන්නේ අපි ඉස්සරහා. ඉතින් මේක බොහොම ප්‍රවේසමෙන් පියවරෙන් පියවර තමයි අපි යා යුත්තේ.”

මීටර් 800 තරග ඉසව්වේදී හොඳ කාලයක් වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න බලාපොරොත්තුව සිටියද, එය කිරීමට නොහැකි වූ බව පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සඳහන් කළා.

“තරුෂි මේ වෙන කොට ඉහළ දක්ෂතාවයක තමයි හිටියේ. මීටර් 800 තරග ඉසව්ව කියන්නේ එක පැත්තකින් කලාත්මක ඉසව්වක්. මේකේ පළවෙනි මීටර් 400 දුවන විදිහට තමයි තරගයේ කාලය තීරණය වෙන්නේ. අපිට සැලසුම් කරගන්න වුනා රේස් එක ස්ලෝ වුනොත් කොහොමද, රේස් එක ෆාස්ට් වුනොත් දුවන්නේ කොහොමද කියලා. අපේ ආවාසනාවට රේස් එක ස්ලෝ වුනා. පළවෙනි කෝනර් දෙක ගියේ තත්පර 62කට වගේ. ඒ නිසා අපිට සැලසුම තිබුනේ රන් පදක්කම දිනීම පමණයි, දක්ෂතා ඉහළ නංවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ පළවෙනි කෝනර් දෙක ස්ලෝ වුන නිසා. රේස් එක ස්පීඩ් වුණා නම් තරුෂි හිටියේ හොඳ කාලයක් වාර්තා කිරීමේ සුදානමින්. යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

“ඇත්තම කියනව නම් මේක පහසුවෙන් ආපු ගමනක් නොවෙයි. අවුරුදු 12 දී තමයි තරුෂි මා ගාවට එන්නේ. ඉතින් ඇයගේ දක්ෂතාවය පරික්ෂාවට භාජනය කරලා, ඇයට තරග වැදිය හැකි ඉසව් මොනවාද කියා හඳුනාගෙන පියවරෙන් පියවර විද්‍යාත්මකව දක්ෂතා දියුණු කරගනිමින් තමා මේ ගමන ආවේ. අපේ පළවෙනි ඉලක්කය තිබ්බා ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කරන්න. ඊට පස්සේ ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලිය ජයග්‍රහණය කළා. ඊට පස්සේ ආසියාවේ තියෙන ප්‍රබලතම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා.”

“මේ ජයග්‍රහණය සම්බන්ධව මම ගොඩක් සතුටු වනවා. 34 වසරක් මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වශයෙන් ජාත්‍යන්තරව රන් පදක්කම් රැසක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකාවට දයාද කර දුන්නා. “එහිදී ඉතා වටිනාම පදක්කම් දිනා දුන්නේ තරුෂි. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගත්ත තරුෂිගේ පුහුණුකරුවීම පිළිබඳව.”

  1. තරුශී නංගි trening කරන්න අපි එක්ක මගේ scl එක වලල මමත් පාසල් කාලේ ඉදන් මලල ක්‍රිඩාව කරන්නේ සුසන්ත සර් නිසා ලංකාවේ මලල ක්‍රිඩාව ගොඩම් ජයග්‍රහණය වලට ගිහින් තියනවා එනිසා එයාවත් සැම මලල ක්‍රිඩකයෙක් ම අරක්ශාර කරගෙන ඉදිරියට යන්න ඉන්න සම්පත් ටික අරක්ශා කර ගමු අපි හැමොම ❤️🤝



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18