උග්‍ර ඩොලර් හිඟයෙන් මිදීම සඳහා වසර දෙකකට පෙර මුදල් හුවමාරු ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකා ඩොලර් මිලියන 200ක සම්පූර්ණ ණය මුදල ගෙවා දමා තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ අවසන් වාරික ගෙවීමේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 50ක් සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 4.5ක් ගෙවූ බවයි බංග්ලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර ඇත්තේ.
ශ්‍රී ලංකාව 2021 වසරේ මැයි මාසයේදී වසරක කාලයකින් ගෙවීමේ පදනම මත මෙම ණය ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ආපසු ගෙවීමට අපොහොසත් වූ අතර අනතුරුව ආරථිකය බංකොලොත් බව ප්‍රකාශ කරනු ලැබුවා. එම තත්වය මතයි බංග්ලාදේශයෙන් ලබා ගත ණය ගෙවීමට කාලය ගතවී ඇත්තේ.
මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් වීමත් සමග ණය ආපසු ගෙවීමට සමත් වී තිබෙනවා.
බංග්ලාදේශ බැංකුවේ වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව අගෝස්තු 20 වැනිදා ඩොලර් මිලියන 50ක් ආපසු ගෙවා තිබෙනවා. පසුව අගෝස්තු 31 වැනිදා තවත් ඩොලර් මිලියන 100ක් ආපසු ලබා දුන් බවයි සඳහන් වන්නේ. අවසානයේදී, ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉතිරි ඩොලර් මිලියන 50 ආපසු ලබා දුන් බව බංග්ලාදේශ වාර්තා ප්‍රකාශ කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ණය වාරික තුනකින් ගෙවා අවසන් කර තිබෙනවා.














ඇති යාන්තම්
THAMATH UNU KANA BANGALIYAN GETH NAYA GANNA THARAM PAHATH ADIYATA APE RATA PATH KALA HEMA EKATAMA SAPA WENAWA. API PODI KALAYE LAMAYI KALAYE BANGALIYO ENAWA WIKATA ANDUM ANDHAGENA EKA EKA EWA WIKUNANNA.SINHALA BAHE. INDIAN EWUN AWITH NICE,BOMBAY IMOTAI, PODI PODI TOYS WIKUNANAWA. CHEENNU AWITH REDHI, PODI ELECTRIC ITEMS, NOODLES WIKUNANAWA. ADA PAKISTAN EWUN AWITH REDHI WIKUNANAWA. ADA API EYI HEMA EKAGENMA HINGA KANAWA. EYI THARAM HONDATA RATATA KARALA THIYENAWA.