ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ණය ගෙවා අවසන් කරයි

උග්‍ර ඩොලර් හිඟයෙන් මිදීම සඳහා වසර දෙකකට පෙර මුදල් හුවමාරු ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකා ඩොලර් මිලියන 200ක සම්පූර්ණ ණය මුදල ගෙවා දමා තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ අවසන් වාරික ගෙවීමේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 50ක් සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 4.5ක් ගෙවූ බවයි බංග්ලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර ඇත්තේ.

ශ්‍රී ලංකාව 2021 වසරේ මැයි මාසයේදී වසරක කාලයකින් ගෙවීමේ පදනම මත මෙම ණය ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ආපසු ගෙවීමට අපොහොසත් වූ අතර අනතුරුව ආරථිකය බංකොලොත් බව ප්‍රකාශ කරනු ලැබුවා. එම තත්වය මතයි බංග්ලාදේශයෙන් ලබා ගත ණය ගෙවීමට කාලය ගතවී ඇත්තේ.

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් වීමත් සමග ණය ආපසු ගෙවීමට සමත් වී තිබෙනවා.

බංග්ලාදේශ බැංකුවේ වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව අගෝස්තු 20 වැනිදා ඩොලර් මිලියන 50ක් ආපසු ගෙවා තිබෙනවා. පසුව අගෝස්තු 31 වැනිදා තවත් ඩොලර් මිලියන 100ක් ආපසු ලබා දුන් බවයි සඳහන් වන්නේ. අවසානයේදී, ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉතිරි ඩොලර් මිලියන 50 ආපසු ලබා දුන් බව බංග්ලාදේශ වාර්තා ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ණය වාරික තුනකින් ගෙවා අවසන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
1
+1
30
+1
1
+1
0
+1
6
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07