රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය (වීඩියෝ)

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

ඛනිජ සම්පත් භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම තුළ ඒවාට ඉහළ වටිනාකමක් ලබාදිය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ රටේ භූමිය ආරක්ෂා කරගනිමින් එම සියලු කටයුතු ක්‍රියාවට නැංවීම අපේක්ෂාව බවයි.

ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු,

ලෝකයේ ප්‍රධානම වෙරළ තීරයක් හිමි දූපතකට අප හිමිකම් කියනවා. අපේ රට විශාල ඛනිජ සම්පත්වලින් ද සමන්විතයි. ඒ වගේම භූගෝලීය වශයෙන් ආසියවේ වැදගත්කම ස්ථානයක අපේ රට පිහිටා තිබෙනවා.

අපේ මෙම අලංකාරවත් වෙරළ තීරය විටින් විට මුහුදු ඛාදනයට ලක් වෙනවා. එහිදී රජයේ මුදල් යොදවා මුහුදු ඛාදනය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. එම නිසා පළමු වතාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විෂයක් බවට පත් කර තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර තිබෙනවා.

ඇතැම් හෝටල්, ආයෝජකයන් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර ගැටලු ඇතිවී තිබෙනවා. රජයක් ලෙස මේ සම්බන්ධයෙන් නම්‍යශීලීව කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. සංචාරක කර්මාන්තයට උපයෝගී වන ගොඩනැගිලි පහසුකම් ආයෝජකයන්ට ලබාදීමට අප පියවර ගන්නවා.

ලෝකයේ පවතින වෙරළ කලාප සංස්කෘතියත් ආරක්ෂා කරගෙන මෙරට වෙරළ තීරයන් සංවර්ධනය කිරීමට සහ අවස්ථා ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. මෙමඟින් රජයට ආදායමක් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා.

ලෝකයේ ලස්සනම වෙරළ තීරයක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. දීර්ඝ කාලීන ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ඉඩම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතන සමඟ සම්බන්ධ වී මෙම වෙරළ තීරයේ ආයෝජන අවස්ථා ලබාදීමටත් තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය නඟාසිටුවීම ඉලක්ක කරගෙන නව වැඩපිළිවෙළක් සකස් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

ඒ වගේම අපේ රට ඛනිජ සම්පත්වලින් අනූන රටක්. අපේ භූමිය ආරක්ෂා කර ගනිමින් ඒ ආශ්‍රිතව ආයොජන අවස්ථා පුළුල් කිරිමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමේ වැඩසටහනට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඛනිජ සම්පත් භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම තුළ ඒවාට ඉහළ වටිනාකමක් ලබාදිය හැකියි.

එසේම මෙරට පරිසරය සහ සාගරය ආරක්ෂා කර ගැනීමට නව පනතක් ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.

මේ රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට හැකි නව වැඩසටහන් පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම රටේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ආදායම් ඉපැයීමේ වැඩපිළිවෙළකට අප කඩිනමින් යා යුතුව තිබෙනවා.

විශේෂයෙන්ම මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් බැංකුවක් ස්ථාපිත කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඇතැම් මූල්‍ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර තිබෙනවා. මේ ආකාරයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ද අප පියවර ගනිමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10