නිමි තේ කොළ කිලෝවකට තවත් බද්දක් අය කිරීමේ සූදානමක්

උඩරට සහ පහතරට තේ කර්මාන්තශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සඳහා දැනට අයකරන බදුවලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව තේ නිෂ්පාදකයන් කියා සිටිනවා.

උඩරට සහ පහතරට තේ වතු සමාගම් වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් 30% මුදලක් බවත්, නව බද්ධ දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සඳහා අය කිරීමට යොජනා වි ඇති බවයි තේ වතු සමාගම්වල උසස් නිලධාරින් කියා සිටින්නේ.

විදුලි බිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම, තේ නිෂ්පාදනය සඳහා දරණ පිරිවැය ඉහළ යාම හමුවේ තේ කර්මාන්තය වර්තාමනයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව නිමි තේ කොළ කිලෝවක් සඳහා නව බද්ධක් අය කිරීමට රජය කටයුතු කළහොත් උඩරට සහ පහතරට තේ වගාකරුවන් , නිෂ්පාදකයන් සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් වීමට පවා සිදුවන බව ද තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් වැඩිදුටත් පවසනවා.

මේ සම්බන්ධයෙන් අප මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි බද්ධක් අය කිරීම සඳහා ආණ්ඩුව විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56