spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිමි තේ කොළ කිලෝවකට තවත් බද්දක් අය කිරීමේ සූදානමක්

උඩරට සහ පහතරට තේ කර්මාන්තශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සඳහා දැනට අයකරන බදුවලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව තේ නිෂ්පාදකයන් කියා සිටිනවා.

උඩරට සහ පහතරට තේ වතු සමාගම් වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් 30% මුදලක් බවත්, නව බද්ධ දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සඳහා අය කිරීමට යොජනා වි ඇති බවයි තේ වතු සමාගම්වල උසස් නිලධාරින් කියා සිටින්නේ.

විදුලි බිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම, තේ නිෂ්පාදනය සඳහා දරණ පිරිවැය ඉහළ යාම හමුවේ තේ කර්මාන්තය වර්තාමනයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව නිමි තේ කොළ කිලෝවක් සඳහා නව බද්ධක් අය කිරීමට රජය කටයුතු කළහොත් උඩරට සහ පහතරට තේ වගාකරුවන් , නිෂ්පාදකයන් සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් වීමට පවා සිදුවන බව ද තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් වැඩිදුටත් පවසනවා.

මේ සම්බන්ධයෙන් අප මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි බද්ධක් අය කිරීම සඳහා ආණ්ඩුව විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?