දේශපාලන වේදිකාවක කතා කිරීමෙන් අසාදු ලේඛන ගතවූ හිටපු ගුවන් හමුදා නිලධාරියාට සහනයක්

ජාතික නිදහස් පෙරමුණේ වේදිකාවක අදහස් පළකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සංජීව තුහියකොන්තා මහතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ “අසාදු ලේඛන” ගත කරමින් නිකුත් කල ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ වෙනුවෙන් සංශෝධිත ලිපියක් නිකුත් කිරීමට සූදානම් බවත් ගුවන් හමුදාපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කිසිදු නිදහසට කරුණු විමසීමකින් තොරව තමන්ව අසාදු ලේඛණ ගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගනු ලැබූ තීරණය හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කරු අසාදු ලේඛනගත කරමින් දැනට නිකුත් කර තිබෙන ලිපිය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි.

එසේ ඉල්ලා අස්කර ගන්නා ලිපිය වෙනුවට පෙත්සම්කරු “අසාදු ලේඛන ගත කිරීමේ” තීරණය ඉවත් කර ඒ වෙනුවට සංශෝධිත ලිපියක් නිකුත් කිරීමට කටයුතු කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කළේ පෙත්සම්කරු විශ්‍රාම ගිය නිලධාරියෙකු බැවින් ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගුවන් හමුදාපතිවරයාට තිබෙන නෛතික බලය කුමක්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ පෙත්සම්කරු ගම්පහ ප්‍රදේශයේ දී සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයකින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන සහ ගුවන් හමුදාවේ විනය යන කාරණා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනුණු බවයි.

කෙසේවෙතත් මෙම තීරණය ගැනීමට පාදක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙගුලාසිවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියෝග කළා.

ඉන් අනතුරුව අධිකරණය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියෝග කළේ වර්තමානයේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් කර තිබෙන ලිපිය ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව නිකුත් කිරීමට යෝජිත සංශෝධිත ලිපියේ කෙටුම්පතක් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.

එම යෝජිත සංශෝධිත ලිපියේ අන්තර්ගතය පිළිබඳව සලකා බලා තම ස්ථාවරය මීළඟ දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 6 වනදා කැඳවීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුධ මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇති තමන් වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරු කියාසිටියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් මාර්තු මස 10 දා සංසරණය වූ ලිපියක සඳහන් කර තිබූ බව පවසන පෙත්සම්කරු ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවක දී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අසාදු ලේඛන ගත කිරීම සිදු වූ බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇති බවත් ඔහු කියා සිටියා.

එහෙත් තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බව පවසන පෙත්සම්කරු ගුවන් හමුදාපතිවරයාගේ මෙම තීරණය අත්තනෝමතික සහ අසාධාරණ බවත් විශ්‍රාමික නිලධාරියෙකු වන තමාට එරෙහිව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ගුවන් හමුදාපතිවරයාට බලයක් නොමැති බවත් කියා සිටිනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23