විභාග මධ්‍යස්ථාන පවතින ප්‍රදේශවල ගංවතුර ඇති වුවහොත් විශේෂ වැඩ පිළිවෙලක්

මල්වතු ඔය, පරංගිආරු, මහවැලි ගඟ, ගල් ඔය, කලා ඔය, මා ඔය, මදුරු ඔය, හැඩ ඔය, යාන් ඔය, විල ඔය, කනගරයන් ආරු සහ මුන්දෙනිආරු යන ගඟා ද්‍රෝණිවල පහත්බිම් වල වෙසෙන ජනතාවට ඉදිරි දින කිහිපය තුළ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම එම පහත් බිම්වල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරන සිසුන් ද මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර සඳහන් කළේ.

මේ අතර යම් ගංවතුර තත්ත්වයක් පැවතියහොත් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු සිසුවියට එම විභාග මධ්‍යස්ථාන වෙත යෑමට ආරක්ෂක අංශ සහ දිස්ත්‍රික් පරිපාලන අංශවල සහාය ලබාගත හැකි බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ඒ වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සියලු කටයුතු යොදා ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා, ගංවතුර පවතින ප්‍රදේශවල අනතුරුදායක ලෙස ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසයි දන්වා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41