සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහාය

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද එකඟ වී ඇති බවයි ඔහු සඳහන් කළේ

අම්පාර ප්‍රදේශයේ මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා අතර අද උදෑසන පැවැත්වුණා.

මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාළව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර එම අවබෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

අම්පාරේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයට සමීපව මෙම මධ්‍යස්ථානය පිහිටුවන අතර දිස්ත්‍රික් කාර්යාලය සමග සමීපව මෙහෙයුම් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සදහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ආරක්ෂිත සංක්‍රමණය සහ විදේශ රැකියා සම්බන්ධයෙන් අවධානමට ලක්විය හැකි පිරිස් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා වන වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන අතර මිනිස් ජාවාරම සහ අක්‍රමවත් සංක්‍රමණ වැලැක්වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක්ද මේ හරහා ඉටු කෙරේණු ඇති.

එම වැඩසටහන් ක්‍රමිකව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිතයි.

මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජන ජීවිතය වඩාත් දියුණු කිරීම සදහා වන දායකත්වය ලබාදීමටත් අපේක්ෂා කරන බවත් නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56