කටුනායකට නව අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක්

කටුනායක ගුවන්තොටුපොළේ අලුතින් ස්ථාපිත කරණු ලැබූ අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙරට ගුවන් කලාපය තුළ ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙනයාම සඳහා මෙම නව අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කෙරුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 670ක පිරිවැයක් දරා තිබෙනවා.

කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරිය තුළ මෙම නව ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කෙරුනේ මෙතෙක් භාවිත කළ වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කරමින්.

මෙම සන්නිවේදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් ගුවන්ගමන් පාලකවරුන්ට ප්‍රධාන පාලක මැදිරියේ සිට ගුවන්යානයට, සියළු ගුවන් තොටුපොළවලට සහ රේඩාර් මධ්‍යස්ථානයට ක්ෂණයකින් සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18