පොලිසිය ලබාගත් ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය වාර්තා අතරට

පොලිස් පැමිණිලි පොතේ ඇමිණීමට ගනු ලැබූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ පළමු ඡායාරූපය බවට ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය පත්වී තිබෙනවා.

2020 මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේදී අත්අඩංගුවට ගත් අතර එහිදී යි පොලිසිය විසින් ඔහුගේ මුහුණේ ඡායාරූපය ගෙන ඇත්තේ.

ඇට්ලැන්ටා බන්ධනාගාරයෙන් මුදා හැරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000ක ඇපකරයක් ගෙවීමට ද ට්‍රම්ප්ට සිදු වුණා.

පසුව, ඔහු එම සිද්ධිය හැඳින්වූයේ, “යුක්තියේ සරදමක්” ලෙසින්.

මාස 5ක් තුළදී අපරාධ නඩුවක් වෙනුවෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ සිව් වන අවස්ථාව මෙය වුව ද පොලිස් පැමිණිලි පොතෙහි ඇමිණීමට ඡායාරූපයක් ගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

නිදහස් වීමෙන් පසුව, ට්‍රම්ප්, Twitter හි සිය වෙබ් අඩවියෙහි ලිපිනය සඳහන් කරමින් පොලිස් ඡායාරූපය පළ කර ඉංග්‍රීසි කැපිටල් අක්ෂරවලින් සටහන් කර තිබුණේ, “දේශපාලන මැදිහත්වීම. කවදාවත් යටත් නොවෙමි” (“Election interference. Never surrender!”) යනුවෙන්.

ඔහු එල්විස්, ෆ්‍රෑන්ක් සිනාට්‍රා, අල් කැපෝන් සහ ආචාර්ය මාර්ටින් ලූතර් කිං ජූනියර් ඇතුළුව අත්අඩංගුවට ගැනීමේ ඡායාරූප සහිත ඇමෙරිකානු ප්‍රසිද්ධ පුද්ගලයින් අතරට එක් වනවා.

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන ජනාධිපති ජෝ බයිඩ්න්ට අභියෝග කිරීම සඳහා රිපබ්ලිකන් තරගයේ ඔහු පෙරමුණ ගෙන සිටින බැවින් ඔහුට එරෙහි නඩු දේශපාලනිකව මතුවූ ඒවා බවටයි ට්‍රම්ප් චෝදනා කරන්නේ.

චූදිතයෙකු බවට පත්වූ ධූරයේ සිටින හෝ හිටපු පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඔහු බ්‍රහස්පතින්දා පස්වරුවේ නිව් ජර්සි සිට සිය පෞද්ගලික ජෙට් යානයෙන් සංචාරයක ද නිරත වී තිබෙනවා.

ට්‍රම්ප් ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබුවේ, ඔහු මේ වසරේ මීට පෙර අධිකරණය කරා ‌ගෙන යාම සඳහා භාවිත කළ සංඛ්‍යාවට වඩා සැලකිය යුතු රථ පෙළකින් වීම විශේෂත්වයක්.

ඔහු විනාඩි 20ක් පමණ එම පරිශ්‍රය තුළ සිටි අතර ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් ද පිටත රැස්ව සිටියා.

බන්ධනාගාර වෙබ් අඩවියේ පළ කරන ලද වාර්තාවල ට්‍රම්ප්ගේ තොරතුරු විස්තර කර ඇත්තේ, සුදු පිරිමි පුද්ගලයෙක්, උස අඩි 6 අඟල් 3ක් සහ බර රාත්තල් 215ක් (කිලෝග්‍රෑම් 97), දුඹුරු හෝ ස්ට්‍රෝබෙරි හිසකෙස් සහ නිල් ඇස් ඇති බව ය. ඔහුගේ රැඳවි අංකය P01135809 වුණා.

නිවස කරා යාමට පෙර ඔහු ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, ඡන්දයක ප්‍රතිඵලයට අභියෝග කිරීමට තමාට අයිතියක් තිබූ බවයි.

2020 වසරේ දී පුළුල්ව සිදුකෙරුණු ඡන්ද වංචාවක් පිළිබඳව පදනම් විරහිත ප්‍රකාශ කරන ට්‍රම්ප් පැවසුවේ, “මැතිවරණය දූෂිත මැතිවරණයක්, සොරකම් කළ මැතිවරණයක් බව මම හිතුවා,” ඒ වගේ ම එහෙම හිතන්න මට හැම අයිතියක් ම තිබුණා. “ඔබ දන්නවා, හිලරි ක්ලින්ටන් හෝ ස්ටේසි ඒබ්‍රම්ස් හෝ තවත් බොහෝ අය ඒ දේ ම කරන බව වසර ගණනාවක් තිස්සේ බලා සිටි බොහෝ දෙනෙක් ඉන්නවා.” යනුවෙන්.

ජෝර්ජියාවේ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් 18 දෙනෙකු සමග පසුගිය සතියේ ට්‍රම්ප්ට චෝදනා එල්ල වූයේ, එම ප්‍රාන්තයෙන් ජෝ බයිඩ්න් හමුවේ ඡන්ද 12,000කට වඩා අඩු ප්‍රමාණයකින් පරාජය වීමෙන් පසුවයි.

ඡන්ද ගණන් කිරීමේදී “ඡන්ද 11,780ක් සොයා ගන්නා” ලෙස ජෝර්ජියාවේ ඉහළ ම මැතිවරණ නිලධාරියාට බලපෑම් කරමින් හිටපු ජනාධිපතිවරයා දුරකතන ඇමතුමක් දුන් බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ට්‍රම්ප් මුහුණ දෙන චෝදනා 13 අතර වංචා කිරීම, රාජකාරිමය දිවුරුම් දීම කඩ කරන ලෙස රාජ්‍ය නිලධාරියෙකුගෙන් ඉල්ලා සිටීම, රාජ්‍ය නිලධාරියෙකු ලෙස පෙනී සිටීමට කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ ලේඛන සකස් කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ අසත්‍ය ප්‍රකාශ කිරීම යන චෝදනා වන බව සඳහන්.

ඔහුගේ සම-විත්තිකරුවන්ගෙන් පිරිසක්ප පසුගිය දිනවල ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ රඳවා තිබුණා. ඔවුන් අතර හිටපු නිව් යෝර්ක් නගරාධිපති රූඩි ගිලියානි,සහ ධවල මන්දිරයේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මෙඩෝස් ද ඇතුළත්.

යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින 77 හැවිරිදි ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර සමාජ මාධ්‍යවල මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, එය “විහිළුසහගත” එකක් බව යි.

මෙම රිපබ්ලිකන් දේශපාලනඥයාට දැනටමත් රහසිගත ලේඛන වැරදි ලෙස හැසිරවීමට සහ තොරතුරු හෙළි නොකිරීම සඳහා වැඩිහිටි චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමට ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමට චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46