ඇසළ පෙරහරේ අලි ඇතුන් වෙනුවෙන් උක් ගස් ටොන් අටක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යට සහභාගී වන අලි ඇතුන් සඳහා ලබාදීමට උක් ගස් ටොන් 08ක් පරිත්‍යාග කිරීම අද (20) ශ්‍රී දළඳා මාලිගාවේ දී සිදුකෙරුණා.

ඒ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ප්‍රධානත්වයෙන්.

මීට අමතරව පෙරහරට සහභාගීවන කලාකරුවන්ට තේ පිළියෙළකර දීම පිණිස සීනී ටොන් එකක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

වාර්ෂිකව මෙම උක් ගස් සහ සීනි ප්‍රධානය මෙන්ම, පෙරහැර ආලෝක පූජාව සඳහා අවශ්‍ය කොප්පරා ද ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙහිදී කියා සිටියේ.

ලංකා සීනී සමාගමේ පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලා මඟින් මෙම උක් ගස් සහ සීනී පරිත්‍යාගයන් සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාලවල බස්නායක නිළමේවරුන් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12