රුසියාව විසින් සඳ තරණය සඳහා යැවූ ලූනා 25 යානය පාලනයෙන් මිදී සඳ මතට කඩා වැටී ඇති බව වාර්තා වනවා.
මෙම යානය හෙට (21) දිනයේ දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා යානය පසුගිය 11 වනදා සඳ බලා ගමන් ආරම්භ කළා.
රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන Roscosmos අද (20) උදෑසන ප්‍රකාශ කළේ, එරට වේලාවෙන් සෙනසුරාදා සවස 14:57ට පමණ ලූනා 25 සමඟ සම්බන්ධතා බිඳ වැටුණු බවයි.
ඒ, අනුව 1976 වසරට පසු රුසියාවේ පළමු සඳ මෙහෙයුම අවාසනාවන්ත ලෙස අසාර්ථක වුණා.
මෙහෙයුම අසාර්ථක වූයේ මන්දැයි විශේෂ කොමිසමක් විසින් සොයා බලන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.














SOUTH POLE OF MOON WEAKNED SIGNALS BETWEEN LUNAR AND SPACE CENTER. BEFORE LAND TO SET A SETALLITE ON SPACE OF MOON WHICH USE TO COMUNICATE SPACE STATION AND LUNAR THROUUGH THIS SATELLITE. IF NOT IN FUTURE ALSO SUCH DISASTERS CAN HAPPEN.