spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවේ සඳ ගමන බොඳ වෙයි – ලූනා 25 සඳ මතට කඩා වැටෙයි

රුසියාව විසින් සඳ තරණය සඳහා යැවූ ලූනා 25 යානය පාලනයෙන් මිදී සඳ මතට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම යානය හෙට (21) දිනයේ දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා යානය පසුගිය 11 වනදා සඳ බලා ගමන් ආරම්භ කළා.

රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන Roscosmos අද (20) උදෑසන ප්‍රකාශ කළේ, එරට වේලාවෙන් සෙනසුරාදා සවස 14:57ට පමණ ලූනා 25 සමඟ සම්බන්ධතා බිඳ වැටුණු බවයි.

ඒ, අනුව 1976 වසරට පසු රුසියාවේ පළමු සඳ මෙහෙයුම අවාසනාවන්ත ලෙස අසාර්ථක වුණා.

මෙහෙයුම අසාර්ථක වූයේ මන්දැයි විශේෂ කොමිසමක් විසින් සොයා බලන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?