IMF දෙවැනි වාරිකය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලැබීම දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

දූෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මුදලක් ලැබීමට නියමිත යි.

ඔහු මේ අදහස් පළ කළේ Unlocking the power of taxes මැයෙන් කොළඹ පැවැති කථිකාව අමතමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට ආර්ථිකය නිසි මාවතට අවතීර්ණ වී තිබෙනවා. උද්ධමනය පහළ යමින් රුපියලේ ස්ථාවරභාවය ඇති වෙමින් තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් පසු තව දුරටත් ජීවින වියදම පහළ බසිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීම, ඊට තවත් පහසුවක් වේවි.
අර්බුදයෙන් පාඩම් ඉගෙන ගැනීම නිසි පරිදි සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය හමුවේ කතා බහට ලක් වෙමින් ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය සේමසිංහ මහතා රට තුළ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ වසර ගණනාවක් විවිධ ආණ්ඩු විසින් සිදු කිරීමට අපේක්ෂා කළ, එහෙත් මග හැරුණු තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරයන් බව අවධාරණය කළේය.

දූෂණ මර්දනය සඳහා නිතී ඇති රටක්, විනිවිදභාවය ඇති රටක්, මූල්‍ය විනය ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බව සේමසිංහ මහතා සඳහන් කළේ ය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම බදු විනිවදභාවය ඇති කිරීමේ ප්‍රධානයතම පියවර බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහි මුල් පියවර ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය ලබන මාසය වන විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?