IMF දෙවැනි වාරිකය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලැබීම දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

දූෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මුදලක් ලැබීමට නියමිත යි.

ඔහු මේ අදහස් පළ කළේ Unlocking the power of taxes මැයෙන් කොළඹ පැවැති කථිකාව අමතමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට ආර්ථිකය නිසි මාවතට අවතීර්ණ වී තිබෙනවා. උද්ධමනය පහළ යමින් රුපියලේ ස්ථාවරභාවය ඇති වෙමින් තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් පසු තව දුරටත් ජීවින වියදම පහළ බසිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීම, ඊට තවත් පහසුවක් වේවි.
අර්බුදයෙන් පාඩම් ඉගෙන ගැනීම නිසි පරිදි සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය හමුවේ කතා බහට ලක් වෙමින් ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය සේමසිංහ මහතා රට තුළ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ වසර ගණනාවක් විවිධ ආණ්ඩු විසින් සිදු කිරීමට අපේක්ෂා කළ, එහෙත් මග හැරුණු තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරයන් බව අවධාරණය කළේය.

දූෂණ මර්දනය සඳහා නිතී ඇති රටක්, විනිවිදභාවය ඇති රටක්, මූල්‍ය විනය ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බව සේමසිංහ මහතා සඳහන් කළේ ය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම බදු විනිවදභාවය ඇති කිරීමේ ප්‍රධානයතම පියවර බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහි මුල් පියවර ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය ලබන මාසය වන විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06