විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

බලපත්‍ර නොමැතිව මැණික් ගල් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී ඔප දමන ලද සහ ඔප නොදැමූ මැණික් ගල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ (29) සවස මුන්දලම කීරියන්කල්ලිය ප්‍රදේශයේ සැක කටයුතු ලෙසට මෝටර් රථයකින් සැරි සරමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් මැණික් ගල් තොගයේ ග්‍රෑම් 980ක බරින් යුත් ඔප දමන හා නොදමන ලද මැණික් ගල් තිබු බව සඳහන්.

සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ අලෙවි කිරීම සඳහා මෙම මැණික් ගල් තොගය රැගෙන ආ බවයි.

කෙසේවෙතත් අදාළ සැකකරු රැගෙන ආ මැණික් බවට පැවසෙන පාෂාණ සැබවින්ම මැණික් ද නැතහොත් කිසිවෙකු රවටා මුදල් ලබා ගැනිමේ ජාවාරමක් සිදු කිරීමට රැගෙන පැමිණියේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු සමග ඔහු ගමන් කළ මෝටර් රථය සහ මැණික් ගල් තොගය අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04