spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

බලපත්‍ර නොමැතිව මැණික් ගල් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී ඔප දමන ලද සහ ඔප නොදැමූ මැණික් ගල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ (29) සවස මුන්දලම කීරියන්කල්ලිය ප්‍රදේශයේ සැක කටයුතු ලෙසට මෝටර් රථයකින් සැරි සරමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් මැණික් ගල් තොගයේ ග්‍රෑම් 980ක බරින් යුත් ඔප දමන හා නොදමන ලද මැණික් ගල් තිබු බව සඳහන්.

සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ අලෙවි කිරීම සඳහා මෙම මැණික් ගල් තොගය රැගෙන ආ බවයි.

කෙසේවෙතත් අදාළ සැකකරු රැගෙන ආ මැණික් බවට පැවසෙන පාෂාණ සැබවින්ම මැණික් ද නැතහොත් කිසිවෙකු රවටා මුදල් ලබා ගැනිමේ ජාවාරමක් සිදු කිරීමට රැගෙන පැමිණියේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු සමග ඔහු ගමන් කළ මෝටර් රථය සහ මැණික් ගල් තොගය අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
0
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?