ජපාන විදේශ ඇමති අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළ අතර, අද අත්සන් කෙරුණ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය (JDS) පිළිබඳ අවබෝධතා ගිවිසුම, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බවයි ප්‍රකාශ කළේ.

මෙම අවබෝධතා ගිවිසුමට ජපාන තානාපති Mizukoshi Hideaki සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා සහ මෙරට සංචාරයක නිරත ජපන් විදේශ අමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තබනු ලැබුවේ අරලියගහ මන්දිරයේදී යි.

ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් පරිත්‍යාගශීලී රටවල සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව, දිනේෂ් ගුනවර්ධන ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන (LRT) ව්‍යාපෘතිය අත්හිටුවීමේදී පසුගිය වකවානුවේ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලෙසටයි ජපානයෙන් ඉල්ලා සිටියේ.

එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල් (Private-Public-Partnership-PPP) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සලකා බැලීමට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි එකඟ වී තිබෙනවා.

දෙරට විසින් අත්සන් කරන ලද මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය (JDS) පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ, ජපානය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට සහ විද්වතුන්ට එරට උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව ලබා දෙනු ඇති.

මෙම වැඩසටහන 2025 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වසරේ මෙම ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 611ක මුදලක් ජපානය විසින් වෙන් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය Yoshimasa Hayashi මහතාට අමතරව, ජාත්‍යන්තර සහයෝගීතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Kazuya Endo, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Yutaka Arima, නිරිතදිග ආසියානු කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ Taro Tstutsami, ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක Manabu Murakami, මෙන්ම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12