Fly high Get bonus Aviator Phone

ජපාන විදේශ ඇමති අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළ අතර, අද අත්සන් කෙරුණ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය (JDS) පිළිබඳ අවබෝධතා ගිවිසුම, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බවයි ප්‍රකාශ කළේ.

මෙම අවබෝධතා ගිවිසුමට ජපාන තානාපති Mizukoshi Hideaki සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා සහ මෙරට සංචාරයක නිරත ජපන් විදේශ අමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තබනු ලැබුවේ අරලියගහ මන්දිරයේදී යි.

ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් පරිත්‍යාගශීලී රටවල සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව, දිනේෂ් ගුනවර්ධන ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන (LRT) ව්‍යාපෘතිය අත්හිටුවීමේදී පසුගිය වකවානුවේ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලෙසටයි ජපානයෙන් ඉල්ලා සිටියේ.

එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල් (Private-Public-Partnership-PPP) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සලකා බැලීමට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි එකඟ වී තිබෙනවා.

දෙරට විසින් අත්සන් කරන ලද මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය (JDS) පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ, ජපානය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට සහ විද්වතුන්ට එරට උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව ලබා දෙනු ඇති.

මෙම වැඩසටහන 2025 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වසරේ මෙම ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 611ක මුදලක් ජපානය විසින් වෙන් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය Yoshimasa Hayashi මහතාට අමතරව, ජාත්‍යන්තර සහයෝගීතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Kazuya Endo, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Yutaka Arima, නිරිතදිග ආසියානු කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ Taro Tstutsami, ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක Manabu Murakami, මෙන්ම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11
Video thumbnail
ආණ්ඩුවට ලුණු ඇඹුල් ඇතිව බණ දෙසපු වනවාසී රාහුල හිමි
03:18
Video thumbnail
අදත් මල් පාරේ ප්‍රබලයෝ රැසක් එක්වෙයි - මෙන්න ඇහෙන අලුත්ම කතාව
11:03
Video thumbnail
ගම්පහ සමූපාකාර හෙඩ් ඔෆිස් එක කෝටි ගාණකට උකස් තියලා
03:58

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?