AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපයට බලපා ඇති දැඩි උණුසුමෙන් ග්‍රීසිය දැවෙයි

මේ දිනවල යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් රටවල් රැසක විශාලක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

මින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ග්‍රීසියට බවයි විදෙස් මාධ්‍ය තොරතරු වාර්තා කරන්නේ.

ඒ, අනුව මෙම සති අන්තයේ දී ග්‍රීසිය දැඩි උණුසුමකට මුහුණ දෙමින් සිටින අතර, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් තරම් ඉහළ යා හැකි බවයි.

කාලගුණ විද්‍යාඥ ගියානොපොලොස් පැවසුවේ මෙම සති අන්තය පසුගිය වසර 50 තුළ එරටින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා කරනු ඇති බවයි.

මේ හේතුවෙන් එරට වැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති අතර, සංචාරක ස්ථාන ද වසාදමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ගිනි නිවන භටයින් විශාල පිරිසක් ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටිනවා.

ග්‍රීසිය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසකට දැනටමත් නිවාස අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කරන්නේ.

මේ අතර එළඹෙන සතිය වනවිට යුරෝපයට බලපා ඇති උෂ්ණත්වය තව දුරටත් ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?