යුරෝපයට බලපා ඇති දැඩි උණුසුමෙන් ග්‍රීසිය දැවෙයි

මේ දිනවල යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් රටවල් රැසක විශාලක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

මින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ග්‍රීසියට බවයි විදෙස් මාධ්‍ය තොරතරු වාර්තා කරන්නේ.

ඒ, අනුව මෙම සති අන්තයේ දී ග්‍රීසිය දැඩි උණුසුමකට මුහුණ දෙමින් සිටින අතර, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් තරම් ඉහළ යා හැකි බවයි.

කාලගුණ විද්‍යාඥ ගියානොපොලොස් පැවසුවේ මෙම සති අන්තය පසුගිය වසර 50 තුළ එරටින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා කරනු ඇති බවයි.

මේ හේතුවෙන් එරට වැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති අතර, සංචාරක ස්ථාන ද වසාදමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ගිනි නිවන භටයින් විශාල පිරිසක් ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටිනවා.

ග්‍රීසිය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසකට දැනටමත් නිවාස අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කරන්නේ.

මේ අතර එළඹෙන සතිය වනවිට යුරෝපයට බලපා ඇති උෂ්ණත්වය තව දුරටත් ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01