සිම්බාබ්වේ රාජ්‍යය විසින් පළමුවරට සංවිධානය කරන T10 ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදු කෙරුණා.
ඒ, අනුව මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු එක්කරගෙන තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ භානුක රාජපක්ෂ සාම්ප් ආමි කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද මෙවර තරගාවලියේ දී සාම්ප් ආමි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
එමෙන්ම යොවුන් දඟපන්දු යවන්නෙක් වන කෙවින් කොත්තිගොඩ, හරාරේ හරිකෙන්ග්ස් කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර, බුලවායෝ බ්‍රේව්ස් කණ්ඩායම විසින් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක්කරගෙන තිබෙනවා.
තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වන අතර, එම සෑම කණ්ඩායමකම සංචිතය තුළ අවම වශයෙන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.
පළමුවරට සංවිධානය කරන සිම් ඇෆ්රෝ T10 ලීග් තරගාවලිය ජූලි 20 සහ 29 අතර හරාරේ හිදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.




