‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළා.
ඒ අනුව සැකකාරියට ලක්ෂ 100 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්රාත්වරයා විදෙස් ගමන් තහනම් කරීමට ද නියෝග කළා.
ලක්ෂයක වු මුදල් ඇපයක් ද අධිකරණයෙන් නියම වූවා.
සිද්ධියට අදාලව එම සැකකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන වෛද්ය ප්රතිකාර සම්බන්ධ ප්රගිතය අද දින අධිකරණයට වර්තා කරන ලෙස ඉකුත් (13) වන දින බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබුණා.
එම වෛද්ය වර්තාව පරිශිලනය කර බැලීමට අවශ්ය බව අතිරේක සොලිස්ටර් ජනරාල් දීලිප පීරිස් අධිකරණයට දැන්වීමෙන් පසු නඩුව පස්වරු 2.45 දක්වා කල් තැබුවා.
ඉන්පසුව නඩුව පස්වරු 3.00 නැවත කැඳවනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින පළමු වන සැකකරු වන ප්රදීප් කාරියවසම් අද විවෘත අධිකරණයේ පෙනී සිටියා.
දෙවන සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා පවසා සිටියේ මගේ සේවාදායිකාවගේ හෘදයේ වම් ප්රදේශයේ ධමනි 80%, 90% ක් අවහිරතාවයට පත්ව ඇති බැවින් ඇප මත මුදා හරින ලෙසයි.
වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥවරයා මෙලෙස පවසා සිටියා.
” ස්වාමීනි, හෘදයේ වම් ප්රධාන ධමනිය 80%,90% අවහිරතාවයට පත් වෙලා. ඉක්මනින් බයිබාස් සැත්කමක් කරන්න කියලා තියෙනවා. ඒ අනුව බරපතපල රෝගී තත්වයක් තිබෙනවා. මෙවැනි අවස්ථාවක් සුවිශේෂි තත්වයක් ලෙස සලකා ඇප ලබා දෙනන්න පුලුවන්.ජිවිත අවදානම ගැන සිතලා. යනුවෙනි.
සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සි.ටි. ස්කෑන් යන්ත්රයක් ලබාදෙන බවට පවසා ඒ සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන, රජයේ මුදල් සාපරාධී සාවද්ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
