උ.පෙළ සමතුන්ට පෞද්ගලික උපාධි හැදෑරීමට පොළී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය හෙට සිට

උසස් පෙළ විභගය සමතුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පොළී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා මේ මස 04 වනදා සිට අගෝස්තු මස 07 වනදා දක්වා අයදුම්කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2019, 2020 සහ 2021 යන වර්ෂවල උසස්පෙළට පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතින බවයි.

ඒ, අනුව අයදුම්කරුවන් 5000ක් සඳහා මෙම පොළී රහිත ණය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම ණය මුදල් සඳහා වන සම්පුර්ණ පොළී මුදල රජය විසින් ගෙවනු ලබන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් මෙහිදී ප්‍රමුඛතාවක් ලබාදෙන අතර, මෙම අයදුම් කිරීම සඳහා යම් තරගකාරීත්වයක් ඇතිවුවහොත් උසස්පෙළ ප්‍රතිඵලවල ඉසෙඩ් අගය මත ප්‍රමුඛතාව ලබාදීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
4
+1
2
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10