තම නව පෙම්වතා සමග විවාහ වීමට මාසයක් පමණ කාලයක් තිබියදී පැරණි පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගොස් ඔහුත් සමග දින තුනක කාලයක් ගත කර පැමිණි 23 හැවිරිදි තරුණිය විවාහ කර ගැනීමට නව පෙම්වතා කැමැත්ත පළ කිරීමේ සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තම දියණිය අතුරුදහන්ව ඇති බවට තරුණියගේ මව පසුගියදා බුලත්සිංහල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව තොරතුරු සෙවීමේ දී යි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.
බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුණා.
කාලයක් ගතවී යද්දී එම සම්බන්ධය මගහැරී ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයෙකු සමග යළි ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඊට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබීම හේතුවෙන් ලබන මාසයේදී ඔවුන් විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී යි හදිසියේ ම තරුණිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ.
දියණියගේ අතුරුදහන්වීම පිළිබඳව ඇයගේ මව බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඉන් දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ තිබෙනවා.
පැමිණිල්ලට අනුව බුලත්සිංහල පොලිසිය තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගොස් දින තුනකට පසු නිවසට පැමිණ ඇති බවයි.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැරණි පෙම්වතාත් විවාහ ගිවිස ගැනීමට දින නියම කර සිටි නව පෙම්වතා ඇතුළු සියලුදෙනා පොලිසියට කැඳවා මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයයෙන් අනතුරුව නව පෙම්වතා තරුණිය භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් සිද්ධිය සමතයකට පත් කිරීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.














ඒතුන්දෙනාට ඒකේ ප්‍රශ්නයක් නැක්නම් උඹලට මොකද?රටෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඒවා ගැන හොයන්නැතුව වැඩකට නැති කුණු අව්ස්සන්නැතිව ප්‍රයෝජනවත් දෙයක් කරපියව් පාහරහැත්ත
සොර බොර කඩාගන්න ගිහින් 😂
අඩේ නව පෙම්වතා, පෙම්වතිය භාරගත්තා කියන කොටස මට තේරෙන්නෙම නැහැනේ,, හරිම අමුතු ජෝඩුවක්
Wena news nadda danna a minissu ratata muna denne kohomda gamwala nam pitin dammama apoo manda minissunge suba siddiya patha news danna. Minissu kon karanna hadanna epa samajen