නව පෙම්වතා එක්ක විවාහ වෙන්න අවසර ගන්න ගිය තරුණිය දින 3ක් පැරණි පෙම්වතා එක්ක ඉඳලා

තම නව පෙම්වතා සමග විවාහ වීමට මාසයක් පමණ කාලයක් තිබියදී පැරණි පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගොස් ඔහුත් සමග දින තුනක කාලයක් ගත කර පැමිණි 23 හැවිරිදි තරුණිය විවාහ කර ගැනීමට නව පෙම්වතා කැමැත්ත පළ කිරීමේ සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තම දියණිය අතුරුදහන්ව ඇති බවට තරුණියගේ මව පසුගියදා බුලත්සිංහල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව තොරතුරු සෙවීමේ දී යි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුණා.

කාලයක් ගතවී යද්දී එම සම්බන්ධය මගහැරී ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයෙකු සමග යළි ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඊට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබීම හේතුවෙන් ලබන මාසයේදී ඔවුන් විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී යි හදිසියේ ම තරුණිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ.

දියණියගේ ⁣අතුරුදහන්වීම පිළිබඳව ඇයගේ මව බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඉන් දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ තිබෙනවා.

පැමිණිල්ලට අනුව බුලත්සිංහල පොලිසිය තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගොස් දින තුනකට පසු නිවසට පැමිණ ඇති බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැරණි පෙම්වතාත් විවාහ ගිවිස ගැනීමට දින නියම කර සිටි නව පෙම්වතා ඇතුළු සියලුදෙනා පොලිසියට කැඳවා මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයයෙන් අනතුරුව නව පෙම්වතා තරුණිය භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

මේ හේතුවෙන් සිද්ධිය සමතයකට පත් කිරීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

  1. ඒතුන්දෙනාට ඒකේ ප්‍රශ්නයක් නැක්නම් උඹලට මොකද?රටෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඒවා ගැන හොයන්නැතුව වැඩකට නැති කුණු අව්ස්සන්නැතිව ප්‍රයෝජනවත් දෙයක් කරපියව් පාහරහැත්ත

  2. අඩේ නව පෙම්වතා, පෙම්වතිය භාරගත්තා කියන කොටස මට තේරෙන්නෙම නැහැනේ,, හරිම අමුතු ජෝඩුවක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41