වෙඩි තැබීම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් STF වෙඩි කා නසී (වීඩියෝ)

ඇඹිලිපිටිය, පනාමුර, වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යවකර සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඊට එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු හිටපු හමුදා සෙබළෙක්.

පසුගියදා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සහ මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට මෙම සැකකරු සම්බන්ධ බවයි වාර්තා වුණේ.

https://youtu.be/ISVn2q1RB18


අපගේ නවතම වීඩියෝ පුවත්