අවුරුදු 14ක දරුවෙක් ගෙළ වැළලාගෙන දිවි නසාගනී

නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) උදෑසන වාර්තා වුණා.

මෙලෙස සියදිවි ගනිකරගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (08) දහවල් 12.00ට පමණ සිය දරුවා නිවසේ ගෙළ වැළලා ගැනීම හේතුවෙන් අසාද්‍ය තත්ත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ පියා කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළු කිරීමත් සමඟින් මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිසුවා මෙලෙස සියදිවි නසාගැනීමට කිසිදු සැක කටයුත්තක් හෝ හේතුවක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
8
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?