පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් ලබාගත්තා. චරිත් අසලංක ලකුණු 91යි. ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස් කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඊබ්‍රහිම් සර්දාන් ලකුණු 98යි. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු දෙකක් බිඳහෙළුවා.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ලබන 4 වනදා සූරියවැවදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?