වාණිජ බැංකුවල පොලී අනුපාත අඩු කිරීමට අවධානය

වාණිජ බැංකුවල පොලී අනුපාත 2.5% කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ලිහිල් කිරීමෙන් අනතුරුව මෙම අඩුවීම අපේක්ෂා කරන බවයි.

මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 13 සහ සියයට 14 දක්වා අඩු කරනු ලැබුවා.

උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් මන්දගාමී වීම, උද්ධමන පීඩනය ක්‍රමයෙන් පහව යාම යන කරුණුවලට අනුකූලව මුදල් කොන්දේසි ලිහිල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබෙනවා.

මේ අතර මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 0.2 කින් හැකිලෙනු ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නන්දලාල් වීරසිංහ කියා සිටියේ මේ වසරේ තුන්වන සහ සිව්වන කාර්තුව තුළ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17