ශ්‍රී ලංකාවත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව Yahoo Finance වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර ඇත.ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5555 ක් බව එහි දැක්වේ. මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වෙනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී තිබෙන අතර 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 කි.

මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වෙනි ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියාවට වන අතර එහි 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 කි.

දෙවන සහ තුන්වන ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව තිබේ. එම රටවල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
4
+1
11
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09