නව වී ප්‍රභේද කිහිපයකින් දිස්ත්‍රික් ගණනාවක ඉහළම අස්වැන්න

අම්බලන්‌තොට හා බතලගොඩ වී පර්යේෂණායතන විසින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට ඉහළම අස්වැන්න ලබා දෙන At 362 වී ප්‍රභේදය කුඹුරුවලින් සියයට 17කම වගා කෙරෙන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බීජ වී සම්බන්ධව තවමත් අපේ රටේ ගොවි ජනතාවට නිසි අවබෝධයක් නොමැතිවීම සහ බහුතරයක් ගොවීන් තවමත් වී වගාව සදහා තමන් ඉන් පෙර කන්නයේ වගා කරන ලද වී වලින් කොටසක් බිත්තර වී ලෙස භාවිතා කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරිනුගෙන් කරුණු විමසා තිබෙනවා.

රටේ කුඹුරුවලින් අපේක්ෂිත ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමේ ඉළක්කය සපුරා ගැනීමට මේ හේතුවෙන් නොහැකි වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගියදා මහින්ද අමරවීර මහතා අම්බලන්තොට වී පර්යේෂණායතනයේ කටයුතු සොයා බැලීම සඳහා එහි ගිය අතර එහි දී මෙම කරුණු විමසා තිබෙනවා.

2022 මහ කන්නයේ මෙරටින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්න වාර්තා කර තිබෙන්නේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක්. ඔවුන් විසින් අම්බලන්තොට වී පර්යේෂණායතනය මගින් නිපදවන ලද At 362 නැමැති වී ප්‍රභේදය වගා කර තිබෙනවා. එම වී වර්ගයෙන් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 11ක් බැගින් ගොවීන් තිදෙනෙක් ලබා ගෙන ඇති අතර එක් ගොවියෙක් වී මෙට්‍රික් ටොන් 10ක් වාර්තා කර ඇතැයි සඳහන්.

ඊට අමතරව තවත් ගොවීන් විශාල පිරිසක් මෙම වී ප්‍රභේදය යොදා ගැනීම මගින් ඉහළම වී අස්වැන්නක් වාර්තා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි නිලධාරින් ප්‍රකාශ කළේ.

මෙම අස්වැන්න හෙක්ටයාර් එකකට වාර්තා කළ හැකි ඉහළම අස්වැන්න සඳහා ජාත්‍යන්තර මට්ටමට ආසන්න තත්ත්වයක්. එමෙන්ම එම ගොවීන් සිව්දෙනාම වී වගාව සඳහා රසායනික පොහොර, කාබනික පොහොර හා දහයියා අළු මෙන්ම පිදුරු ද භාවිතා කර තිබෙනවා.

රටේ සෑම කුඹුරු ඉඩමකින්ම ඉහළම අස්වැන්නක් ලබා ගැනීමට නම් ඒ ඒ ප්‍රදේශවලට සුදුසු බීජ වී සම්බන්ධව මෙන්ම ඒ සඳහා යොදාගත හැකි පොහොර වර්ග හා නිර්දේශයන් සම්බන්ධව නිවැරදි දැනුමක් ගොවීන්ට ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

නමුත් තවමත් අපේ රටේ බොහෝ ගොවීන්ට තම කුඹුරු බිම්වලට ගැළපෙන ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී වර්ග කුමක්දැයි යන්න සම්බන්ධව නිසි අවබෝධයක් නොතිබීම ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම කෙරෙහි බලපා තිබෙනවා.

එමනිසා මෙම වසරේ මහ කන්නයට පෙර මෙරට සෑම ගොවියෙක්ම ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වී වර්ග පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දුන්නේ.

අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙන ඉහළ වී අස්වැන්නක් ලබා ගත හැකි At 362 වී ප්‍රභේදය දැනට දිස්ත්‍රික්ක කිහිපයක වගා කර ඉහළ වී අස්වැන්න වාර්තා කර ඇති අතර මේ අන්දමින් බතලගොඩ වී පර්යේෂණායතනය ද ඉහළම වී අස්වනු ලබා ගත හැකි වී වර්ග ගණනාවක් හඳුන්වා දී තිබෙනවා.

මේ අතර අම්බලන්තොට වී පර්යේෂණායතනය අවට ඇති ඇතැම් අනවසර ඉදි කිරීම් නිසා පර්යේෂණ ගොවිපොළට සිදුවන හානි සම්බන්ධව ද නිලධාරින් අමාත්‍යවරයා දැනුම්වත් කළා. ඒවා සම්බන්ධව තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඒ සම්බන්ධව සාකච්ඡා කොට විසදුම් ලබා ගත හැකි බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57