ගුජරාට් ටයිටන්ස් IPL පිටියේ සුපිරි හතර වටයට

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත් පළමු කණ්ඩායම බවට පත්වන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඊයේ (14) හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (14) රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 34ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්ලේ ඕෆ් වටයේ මේ දක්වා තරග 13කට ක්‍රීඩාකර ඉන් තරග 09ක් ජයගෙන හතරක් පරාජය වී ප්‍රසාද ලකුණු 13ක් ලබාගෙන සිටිනවා.

හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයත් සමඟ ඔවුන්ට මෙවර තරගාවලියෙන් ඉවත් වන්නට ද සිදුවීම විශේෂත්වයක්.

මේ අතර මෙම තරගයේ දී ගුජරාට් පිළේ සුපුරුදු නිල් පැහැති නිල ඇඳුම වෙනුවට වෙනත් වර්ණයක ඇඳුමකින් සැරසී තරගයට එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.

රෝස පාට වර්ණයට සමාන පැහැයකින් යුත් ඇඳුමකින් සැරසී ගුජරාට් ක්‍රීඩකයින් මෙම තරගයට එක්ව සිටියේ පිළිකාවට එරෙහි සටනට සහාය දැක්වීමේ පණිවුඩයක් ද එක්කරමින්.

මේ අතර ඊයේ තරගයේ දී පළමුවරට අයි.පී.එල්. තරගවරම් හිමිකර ගන්නට ගුජරාට් ටයිටන්ස් පිළ නියෝජනය කරන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකට අවස්ථාව උදාවුණා.

මෙම තරගයේ දී දසුන් පන්දු 07කට මුහුණ දෙමින් නොදැවී 09ක් රැස්කළ අතර, පන්දු යැවීමට අවස්ථාවක් ඔහුට හිමි වුයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00