රට තුළ ආගමික සහජීවනයෙන් කටයුතු කිරීමට නම් අන්තවාදී සංවිධාන මැඬලිය යුතුයි

බෞද්ධාගමිකයින්ට පමණක් නොව සියලු ජනාතවට රට තුළ ආගමික වශයෙන් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට නම් අන්තවාදී සංවිධාන මැඩ පැවැත්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති,ශාස්ත්රපති පූජ්ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

ජාතිවාදී උන්මාදයෙන් පෙලෙන ඇතැම් දේශපාලනඥයින් සහ අන්තවාදී සංවිධාන ඉතා සැළසුම් සහගතව උතුරු නැගෙනහිර පුරාවිද්යාත්මක වශයෙන් වැදගත් ස්ථාන වලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන වලට බරපතල ආකාරයේ විරෝධතා මතු කරමින් සිටින බව ද උන්වහන්සේ කීහ.

මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ දී (15) මාධ්ය හමුවේ අදහස් දක්වමින් ආනන්ද නාහිමියෝ මෙසේද පැවසූහ. ඇතැම් ජාතිවාදී දේශපාලනඥයින් සහ අන්තවාදී සංවිධාන ඉතා සැළසුම් සහගතව උතුරු නැගෙනහිර පුරාවිද්යාත්මක වශයෙන් වැදගත් බෞද්ධ සිද්ධදස්ථාන වලට තමන්ගේ විරෝධය එල්ල කරන්නේ ජාතිවාදී හා ආගම්වාදී අර්බුදයක් රට තුළ නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ද යන බරපතල සැකය මේ රටේ මධ්යස්ථ ජනතාව තුළ පැන නගිමින් තිබෙනවා. දේවානම් පියතිස්ස රජ සමය දක්වා වූ ඉතිහාසයක් ඇති කන්කසන්තුරේ තිස්ස විහාරයට ඔවුන් බරපතල විරෝධයක් මතු කරමින් ඉන්නවා. ඒ වගේම කුරින්ද අටුවාව රචනා කිරීමට මූලික වූ ඓතිහාසික වශයෙන් ඉතාම වැගත් වූ බෞද්ධ නටඹුන් රාශියක් දක්නට ලැබෙන කුරින්දි විහාරය සම්බන්ධයෙන් ද ජාතිවාදී දේශපාලනඥයින් හා සංවිධාන එක්ව බරපතල විරෝධයක් දියත් කෙරෙමින් පවතිනවා.

සියම් උපසම්පදාව මෙරට ස්ථාපිත කර වසර 270 ක් සපිරීම නිමිත්තෙන් සියම් ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ බෞද්ධ ධූත පිරිසක් අතීත මුහුදු මාරය ඔස්සේ ත්රිකුණාමලයට මුහුදු මාර්ගය වැඩම කළා. එදා වසර 270 කට පෙර මෙරටට පැමිණි ධූත පිරිස ලාංකීය ප්රභූන් මුණගැසුණු ඓතිහාසික ස්ථානයට පැමිණි දෙමළ ජාතිවාදී සංවිධාන සහ ඇතැම් විශ්වද්යාල ශිෂ්ය කණ්ඩායම් බරපතල විරෝධයක් එහි දී මතුකර තිබෙනවා. මේ රටේ බෞද්ධ ජනතාව සංහිඳියාව ගරු කරමින් බොහොම නිහඬව කටයුතු කරන පරිසරයක තමයි මේ වගේ සංවිධානත්මක දේවල් සිදු වෙන්නේ. මේ තත්ත්වය මැඩ පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් රට තුළ බරපතළ ආගමික සහ වෙනත් ජාතික අර්බුද නිර්මාණය වීම වැලැක්විය නොහැකියි.

මේ රජය බලයට පත්කළ ජනතා අභිලාෂයන් කුමක්ද යන්න සම්බන්ධව වර්තමාන රජයේ මැති ඇමැතිවරු වටහාගත යුතුයි. ඔවුන් කිසිදු කෙනෙක් මේ ප්රශ්නය සම්බන්ධව කතා කරන්නේ නැහැ. ආණ්ඩුකාරවරු පත් කිරීමේ දී පවා සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වන ආකාරයට තමයි අදාළ පත්වීම් කරන්නට සූදානම් වෙන්නේ. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම ජාතිවාදී ලෙස කටයුතු කරමින් ගැටුම් ඇති කිරීමට උත්සහ කරන පිරිස සම්බන්ධයෙන් නීතිය තදින් ක්රියාත්මක විය යුතුයි. මීට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව නැගී සිටිහහොත් එවැනි දවසක ඇතිවන අර්බුදයට වත්මන් රජය වගකිය යුතු වෙනවා. අන්තවාදී සංවිධාන මෙන්ම මූලධර්මවාදී ආගමික කණ්ඩායම් අද බුදුන් වහනේසට අපහාස වන ආකාරයේ විවිධ ව්යාපෘති හා මතවාද ව්යාප්ත කරමින් බෞද්ධ ජනතාව කුපිත කරමින් සිටිනවා. තව දුරටත් මේ රටේ බෞද්ධ ජනතාව මේවා ඉවසන්නේ නැහැ. ඒ නිසා වහාම මෙවැනි ක්රියා මැඩපැවැත්වීම සඳහා රජය මැදිහත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාර ක්රියා තව දුරටත් සිදු වෙනවා නම් අපි ඒ වෙනුවෙන් නැගී සිටින බව ද දන්වන්න කැමැතියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13