ඉන්දියාවේ සරණාගත කඳවුරක ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය කරලා

දකුණු ඉන්දියාවේ නෙල්ලෙයිල ප්‍රදේශයේ පිහිටි කංගෙයිකොන්ඩාන් සරණාගත කඳවුර තුළ දී ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු රාමචන්ද්‍රන් නැමැති අයෙක් බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සහ දරුවා වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන අතර, අදාළ පුද්ගලයා සරණාගත කඳවුරේ වාසය කරමින් පින්තාරු රැකියාව නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෙරට ජීවත්වන ඥාතීන් පවසන්නේ අදාළ පුද්ගලයා පෙරේදා (13) උදෑසන නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමේ දී කැපුම් තුවාල සහිත ඔහුගේ මළ සිරුර සොයාගෙන
ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කංගෙයිකොන්ඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?