ටික් ටෝක් ඔස්සේ සංවිධානය වී බයික් රේස් පැද්ද පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් 08 දෙනෙකු යතුරුපැදි 05ක් ද සමඟ අද (14) බම්බලපිටිය මුහුදු මාවතේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මොවුන් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය කළ නීති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීම සඳහා පැමිණ ඇති අය බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් අටදෙනා වයස අවුරුදු 17 හා 23 අතර වයස්වල පසුවන බත්තරමුල්ල, කිරිබත්ගොඩ, පිළියන්දල, මොරටුව සහ මඩපාත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් ටික් ටොක් සමාජ මාධ්‍ය මඟින් මෙම ප්‍රදේශයට කැඳවා තිබූ බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ටික් ටොක් සමාජ ජාලය හරහා මෙම නීති විරෝධී අනාරක්ෂිත තරග සංවිධානයකරන සංවිධාකයින් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද ඉදිරි විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?