ටික් ටෝක් ඔස්සේ සංවිධානය වී බයික් රේස් පැද්ද පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් 08 දෙනෙකු යතුරුපැදි 05ක් ද සමඟ අද (14) බම්බලපිටිය මුහුදු මාවතේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මොවුන් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය කළ නීති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීම සඳහා පැමිණ ඇති අය බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් අටදෙනා වයස අවුරුදු 17 හා 23 අතර වයස්වල පසුවන බත්තරමුල්ල, කිරිබත්ගොඩ, පිළියන්දල, මොරටුව සහ මඩපාත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් ටික් ටොක් සමාජ මාධ්‍ය මඟින් මෙම ප්‍රදේශයට කැඳවා තිබූ බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ටික් ටොක් සමාජ ජාලය හරහා මෙම නීති විරෝධී අනාරක්ෂිත තරග සංවිධානයකරන සංවිධාකයින් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද ඉදිරි විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00