ඉන්දියාවේ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක්

ඉන්දීය ආරක්ෂක අංශ විසින් දැවැන්ත අයිස් මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඉන්දියාවේ මෙතෙක් සිදු කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු කේරළ වෙරළ තීරයෙන් සොයා ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝග්‍රෑම් 2,500 ක් පමණ වන බව සඳහන්. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12,000 (ඩොලර් බිලියන 1.45)ක් පමණ බවටයි ගණන් බලා ඇත්තේ.

අධි සංශුද්ධතාවයෙන් යුත් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය රාජසන්තක කර ඇති අතර සිද්ධියට අදාළව පකිස්තාන ජාතිකයෙකු සැකපිට රඳවා ගෙන ඇති බව සඳහන්.

නෞකාවක තිබියදී සොයා ගත මෙම මත්ද්‍රව්‍ය අඩංගු ගත් මලු, සැකකාර පකිස්තාන ජාතිකයා, බෝට්ටුව සහ තවත් භාණ්ඩ කිහිපයක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

මෙම මෙහෙයුම ඉන්දීය නාවික හමුදාව සහ NCB නිලධාරීන් එක්ව සිදු කර ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවයි.

නෞකාවේ තිබී මෙතම්ෆෙටමින් යැයි සැක කෙරෙන ගෝනි 134ක් සොයා ගෙන ඇති අතර, ඒ ආසන්නයේ තිබූ බෝට්ටුවක් සහ මත්ද්‍රව්‍ය පටවාගෙන යමින් සිටි පකිස්ථාන ජාතිකයෙකු යැයි සැක කරන එක් අයෙකු රඳවාගෙන ඇති බව ඉන්දීය ආරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කළා.

ඉන්දියානු සාගර කලාපයේ හෙරොයින් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව 2022 වසරේ ජනවාරි මාසයේදී ඉන්දීය ආරක්ෂක අංශය විසින් සමුද්‍රගුප්ත් මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා.

NCB අධ්‍යක්ෂ ජනරාල් සත්‍ය නාරායන් ප්‍රධාන් විසින් ආරම්භ කළ මෙහෙයුම මෙහෙයවනු ලබන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (Ops) සංජේ කුමාර් සිං විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21