මීගමුවෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

පසුගිය 12 වනදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් හයදෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (13) දින අලුයම් කාලයේ දී බේරුවල මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට පත් එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

වෙරළ ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට ළඟාවන විටත් ධීවර යාත්‍රාව ගිලෙමින් තිබූ බව සඳහන්.

බේරාගත් ධීවරයින් හයදෙනා බේරුවල ධීවර වරායට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?