පාරේ තබාගෙන විකුණන මී පැණි මිලදී ගන්නේ පරිස්සමෙන් (ඡායාරූප)

මී පැණි ලෙසට හඟවමින් සීනිවලින් සකස් කරන ලද පැණි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව වෙප්පුකුලම් ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ තිබී සීනි කලවම් කර සකස් කරන ලද පැණි බෝතල් 268ක් ඊයේ අත්අඩංගුවට ගත් බවයි වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මී පැණි ලෙසට සීනි පැණි අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට පත්වී තිබෙනවා.

මෙම සැකකරු සීනි සහ ජලය එක් කර ඊට මී වදවල කොටස් යොදා උණුකර බෝතල්වලට දමා මී පැණි ලෙසට අලෙවි කර ඇති බවට අනාවරණය වුණා.

සැකකරු මහා පරිමාණයෙන් මී පැණි ලෙසට සීනි පැණි අලෙවි කිරීමේ ජාවාරම සිදු කර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ හා මැදවච්චිය සිට මන්නාරම දක්වා වන මාර්ගය දෙපස තබාගෙන අලෙවි කරන මී පැණි මිළදි ගැනීමේදී සැළකිලිමත්වන ලෙසටයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
3
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?