අරගල ක්‍රියාකාරී සාමාජික පියත් නිකේශලත් අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේශල කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

තුවාල ලද අරගල ක්‍රියාකාරිකයාට කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපති තවත් පිරිසක් සමඟ මෝටර් රථ දෙකකින් පැමිණ තලංගම කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී පහර දීම සිදු කර තිබෙනවා.

සිද්ධියත් සමඟම කඩුවෙල මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා තමන්ට ද පහර දුන් බව පවසා මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපාර්ශ්වය විසින් සිදු කළ පැමිණිලි මත පහරදීම් වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරු ජාතික රෝහලේ ද කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති මුල්ලේරියාව රෝහලේ ද පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
2
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?