පිරිමි මීටර 200 ඉසව්ව ප්‍රථම ස්ථානය යුපුන් අබේකෝන්ට

2023 තරඟ වාරය සඳහා වූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මළල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි වී තිබෙනවා.

එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරඟ වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?